නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා නව කොවිඩ් රැල්ලක් ?

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා නව කොවිඩ් රැල්ලක් ආරම්භ වෙමින් පවතින බවට දත්ත අනාවරණය කරනවා.

ගතවූ සති කිහිපයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යා විමසා බැලීමේදී එය පැහැදිලි වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ අනුව බොහෝ දුරට නව කොවිඩ් උප ප්‍රභේදයක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් අතර පැතිර යමින් පවතින බවටද සැකයක් මතුවී තිබෙනවා.

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය වාර්තාවීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් රැළි 04 ක් පමණ මේ වනවිට පැවතී ඇති බව සඳහන්.

මේ අතර මෙම වසරේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක් නිරීක්ෂණය කර තිබෙනවා.

මෙම වසරේ මේ දක්වා එවැනි රෝගීන් 8453 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 2700 ක් පමණ වයස අවුරුදු 14 ට අඩු දරුවන් බවයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ පවසන්නේ.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »