පසුගිය අගහරුවාදා සිදුකල cash rate අගය ඉහළ දැමීමට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු විසින් පොළී අනුපාතික අගයන් ඉහළ දැමීම ආරම්භ කර තිබෙනවා.
ලබන 17 වනදා සිට සිය නිවාස පොළිය සියයට 0.25 කින් ඉහළ නංවන බව NAB බැංකුව අද නිවේදනය කලා.
ඉතුරුම් ගිණුම් සඳහා දෙන පොළියද එම අගයෙන්ම එදින සිටම බලාත්මක වනු ඇති.
ලබන 21 වනදා සිට සිය නිවාස පොළී අනුපාතිකයන්ද සියයට 0.25 කින් ඉහළ දමන බවයි වෙස්ට්පැක් බැංකුවද මේ අතර නිවේදනය කර සිටින්නේ.
ඉතුරුම් ගිණුම් වර්ග 02 ක් සඳහා පොළිය ඉහළ නැංවීමද එදින සිට බලාත්මක කරන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කලා.
මෙරට අනෙකුත් ප්‍රධාන බැංකු සිය පොළී අනුපාතික අගයන් ඉහළ දමන දින පිළිබඳ මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.
අඛණ්ඩව 10 වන වරටත් පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව ගත් තීරණයත් සමග දැනට මෙරට CASH RATE අගය පවතින්නේ සියයට 3.6 ක් ලෙසයි.