ඔස්ට්‍රේලියාවේ වසර 04 ක අධ්‍යාපනය හැදෑරීමට නව ශිෂ්‍යත්ව ක්‍රමයක්

ඉන්දීය සිසුන්ට ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය හැදෑරීමේදී වැදගත් වන නව ගිවිසුමකට අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ ඉන්දීය සංචාරයේදී අත්සන් තබා තිබෙනවා.

මේ අනුව ඉන්දියාවේදී ලබාගන්නා අධ්‍යාපන සුදුසුකම් ඔස්ට්‍රේලියාව තුළදීත් – ඔස්ට්‍රේලියාවේදී ලබාගන්නා අධ්‍යාපන සුදුසුකම් ඉන්දියාව තුළදීත් පිළිගැනීම ඉහළ දැමීමට නියමිතයි.

මෙය දෙරට අතර අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ඇතිකරගත් වැදගත් තීන්දුවක් බව අගමැති ඇල්බනීස් සඳහන් කර සිටියා.

ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතනවලට සිය ශාඛා ඉන්දියාව තුළදී විවෘත කිරීමට මේ හරහා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇති.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේදී වසර 04 ක කාලයක් අධ්‍යාපනය හැදෑරීම සඳහා ඉන්දීය සිසුන්ට නව ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වාදීමටද මේ යටතේ පියවර ගැනීමට නියමිත බවත් අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කලා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »