අපහසුතාවයට පත් සිඩ්නි දුම්රිය මගීන්ට සහන 02 ක්

සිඩ්නි නගරයේ ඊයේ පස්වරුවේ පැවති දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් හේතුවෙන් අපහසුතාවයට පත් මගීන්ට ගාස්තු නැවත ගෙවීම කෙරෙහි සිඩ්නි දුම්රිය බළධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

සෑම මගියෙකුටම නිශ්චිත ගාස්තුවක් ගෙවීම නොව එක් එක් මගියාට අදාළ වන පරිදි වෙන වෙනම ගාස්තුවක් ගෙවීම කෙරෙහියි අවධානය යොමුවී ඇත්තේ.

සන්නිවේදන පද්ධතියේ හටත් දෝෂයක් හේතුවෙන් සිඩ්නි නගරයේ සියලුම දුම්රිය මාර්ගවල ඊයේ පස්වරුවේ පැය 05 කට අධික කාලයක් දුම්රිය ප්‍රමාදයන් පැවති අතර ඒ හේතුවෙන් බස් රථ හා ටැක්සි ඇතුලු වෙනත් විකල්ප ප්‍රවාහන ක්‍රම වෙත යොමුවීමටද මගීන්ට සිදුවී තිබුණා.

මේ අතර ඊයේ පස්වරුවේ සිඩ්නි මගීන්ගෙන් අය කර ඇති අමතර ගාස්තු නැවත ගෙවීමට Uber තීරණය කර තිබෙනවා.

දුම්රිය දෝෂයත් සමග විශාල පිරිසක් ටැක්සි සේවා භාවිත කිරීමට පෙළඹීමත් සමග කිහිප ගුණයකින් ගාස්තු ඉහළ දමා ඇති බවටයි Uber වෙත චෝදනා එල්ලවන්නේ.

සාමාන්‍යයෙන් ඩොලර් 40 ක් වැයවන ගමනකට ඩොලර් 500 ක මුදලක් අයකර ඇති බවයි සමාජ මාධ්‍යයේ පළකර ඇති සටහන්වල දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් කණගාටුව පළකර වැඩිපුර අයකල ගාස්තු නැවත සිඩ්නි මගීන්ට ගෙවන බවටයි Uber පොරොන්දු වී ඇත්තේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »