පරිඝණක දෝෂයක් හේතුවෙන් මෙල්බන් රෝහල් රැසක ප්‍රතිකාර ප්‍රමාදයක්

පරිඝණක දෝෂයක් හේතුවෙන් මෙල්බන් නගරයේ රෝහල් රැසක දෛනික මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව Code Yellow තත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි රෝහල් කිහිපයක් විසින් කටයුතු කර ඇත්තේ.

මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවත් පරිඝණක පද්ධතිවල හටගත් දෝෂයක් පමණක් බවත් වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා.

මෙමගින් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ වික්ටෝරියා නැගෙනහිර කලාපයේ රෝහල් සඳහා බවට වාර්තා වනවා.

පවතින තත්වය හමුවේ රෝගී ප්‍රතිකාර කටයුතුවල තරමක ප්‍රමාදයක් පැවතිය හැකි බවටද මෙල්බන් රෝහල් විසින් දැනුම් දී තිබෙනවා.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »