ඔස්ට්‍රේලියානුවන් මාසයකදී සුපිරි වෙළඳසැල්වලදී වැය කරන මුදල ඩොලර් බිලියන 11.4 ක් බවට ගණන් බලා තිබෙනවා.
එය තනි පුද්ගලයෙකු වශයෙන් සැළකීමේදී ඩොලර් 520 ක මුදලක් වියදම් කිරීම හා සමාන බවයි Finder ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙන්නේ.
පිරිමි අයෙකු සතියකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වියදම් කරන මුදලෙහි සාමාන්‍යය ඩොලර් 189 ක් වන අතර කාන්තාවකගේ එම මුදල ඩොලර් 174 ක් ලෙස ගණන් බලා තිබෙනවා.
ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම වියදමක් සිදුකරනු ලබන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජනතාව වන අතර එහි සාමාන්‍යය ඩොලර් 187 ක්.
ටස්මේනියා ප්‍රාන්තවාසීන් අඩුම වියදමක් දරන්නන් බවට පත්ව ඇත්තේ ඩොලර් 160 ක සාමාන්‍යයක් පවත්වා ගනිමිනුයි.
ඔස්ට්‍රේලියානුවන් සිය වැඩිම හිසරදයක් බවට පත්වන කරුණු දෙක ලෙස නම් කර ඇත්තේ සාප්පු සවාරි වියදම් සහ උකස් ණය / නිවාස කුළී ගෙවීමයි.