
10 වන වරටත් සිදුකල අගය ඉහළ දැමීම හමුවේ සිය උකස් ණය වාරික නැවත සකස් කිරීමට ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් කටයුතු කරමින් සිටින බව නවතම දත්ත අනාවරණය කරනවා.
Finder ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ ලක්ෂ 11 කට ආසන්න පිරිසක් ලබන ජූලි මාසය වනවිට එලෙස උකස් ණය පිළිබඳ තීරණයක් ගනු ඇති බවයි.
මාසික වාරික මුදලේ අගය අඩු කර වාරික සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම වැඩි පිරිසකගේ අපේක්ෂාව වී ඇති බවටයි හෙළිකරගෙන ඇත්තේ.

ගතවු මාස 12 තුළදී ඩොලර් බිලියන 17.8 කට ආසන්න වටිනාකමින් යුත් නිවාස ණය මෙලෙස සංශෝධනයන්ට ලක් කර ඇති බව සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත වාර්තා අනුව පෙනී යනවා.
ඩොලර් ලක්ෂ 05 ක පමණ නිවාස ණයක් ගෙන ඇති අයෙකුගේ මාසික වාරිකය පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා ඩොලර් 1,051 කින් ඉහළ ගොස් ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.
