ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල්වීමේ අවධානමක සිටි ඉන්දීය පවුලට PR පිරිනමයි

ඩවුන් සින්ඩ්‍රෝම් රෝගී තත්වයෙන් පෙළෙන පුත්‍රයා හමුවේ ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල්වීමේ අවධානමකට ලක්ව සිටි ඉන්දීය ජාතික පවුලට මෙරට ස්ථිර පදිංචිය පිරිනමා තිබෙනවා.

සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් විසින් සෘජුවම එම ගැටලුවට මැදිහත්වීමත් සමග ඔවුන්ට ඔස්ට්‍රේලියානු පදිංචිය ලබාදී ඇති අතර Medicare ඇතුලු අනෙකුත් පහසුකම් සඳහාද අවස්ථාව හිමිවනු ඇති.

මෙම දරුවාගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් වසර 10 කදී වැය කිරීමට සිදුවන මුදල ඩොලර් 664,000 ක් පමණ වනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.

එම මුදල ජනතාව ගෙවන බදු මුදල්වලින් දැරීමට ඔස්ට්‍රේලියානු රජයට සිදුවනු ඇතැයි යන පදනම මත මෙම පවුලට ස්ථිර පදිංචිය ලබා නොදීමටත් ඒ අනුව මෙරටින් පිටත්වීමටත් සිදුවනු ඇති බවටයි වාර්තා පළවී තිබුණේ.

අදාළ දරුවාගේ දෙමව්පියන් සයිබර් ආරක්ෂණ සහ තොරතුරු තාක්ෂණ යන ඔස්ට්‍රේලියාවට සේවකයන් අත්‍යවශ්‍යම ක්ෂේත්‍ර දෙකක සේවයේ නියුතුවන්නන් වීමද විශේෂත්වයක්.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »