ඉදිරි පොළී අනුපාතික ගැන බැංකු ප්‍රධානියාගෙන් සුභ ආරංචියක්

පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමේ අවසානය කරා ළගාවෙමින් ඇතැයි ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ෆිලිප් ලෝ පවසනවා.

එය ඔස්ට්‍රේලියානුවන්ට සුභ ආරංචියක් වනු ඇති බවයි අද පෙරවරුවේ පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ.

අඛණ්ඩව 10 වන වරටත් cash rate අගය ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව ඊයේ දිනයේදී කටයුතු කල අතර ඒ අනුව මේ වනවිට මෙරට cash rate අගය පවතින්නේ සියයට 3.6 ක් ලෙසයි.

ඉහළ යන උද්ධමනයට සමගාමීව දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හමුවේ ඔස්ට්‍රේලියා ආර්ථිකය ආර්ක්ෂා වී ඇති බව සංචිත බැංකු ප්‍රධානියා මෙහිදී අවධාරණය කලා.

ඒ අනුව පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමේ අවසානය කරා එළැඹෙමින් ඇති බවයි ෆිලිප් ලෝ අනාවැකි පළ කලේ.

කෙසේවෙතත් පාලනය කල නොහැකි කරුණුමත උද්ධමනය අඛණ්ඩව ඉහළ ගියහොත් පොළී අනුපාතික තවදුරටත් ඉහළ දැමීම සහ විරැකියාව ඉහළයාම අපේක්ෂා කල හැකි බවයි ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ෆිලිප් ලෝ සඳහන් කලේ.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »