ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගාස්තු 1/3 කින් පහළට

පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් ගාස්තු 1/3 කින් පමණ පහළ ගොස් ඇති බව පාරිභෝගික කොමිසම පවසනවා.

මගීන් ගුවන් ගමන්වල නිරතවීම අඩුවීම හමුවේ ගුවන් සමාගම් විසින් වට්ටම් ලබාදීමට පෙළඹීම ඊට හේතුවයි.

කෙසේවෙතත් මෙරට ගුවන් ගමන් ගාස්තු තවමත් පවතින්නේ කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වයට වඩා ඉහළ අගයක බව සඳහන්.

වසර 15 කට පමණ පසු ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් ගාස්තුවල ඉහළම අගය පසුගිය දෙසැම්බර් මාසයේදී සටහන් වුණා.

ඊට ප්‍රධාන වශයෙන්ම බලපා තිබුණේ රුසියානු යුක්රේන අර්බුදය හමුවේ ජාත්‍යන්තර ඉන්ධන මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි.

ගුවන් ගමන් ගාස්තු ඉහළ අගයක පැවතීම හමුවේ ඔස්ට්‍රේලියානුවන් ජාත්‍යන්තර මෙන්ම දේශීය ගුවන් ගමන්වල නිරතවීමද සැළකිය යුතු ලෙස අඩුකර ඇති බවයි පාරිභෝගික කොමිසම පවසන්නේ.

මේ අතර ක්වන්ටාස් – ජෙට් ස්ටාර් සහ වර්ජින් යන ගුවන් සමාගම් සියල්ල සඳහන් කරන්නේ කොවිඩ් වසංගතයට පෙර පැවති ගුවන් මගී ධාරිතාවයට මෙතෙක් ළගා වී නොමැති බවයි.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »