Search

ඔක්තෝබර් 27 වන අඟහරුවාදා රාත්‍රී 11:59 සිට මෙල්බන් මෙට්‍රොපොලිටන් හි කොරෝනා නීති ලිහිල් කිරීම් මෙසේය​.

ඔක්තෝබර් 27 වන අඟහරුවාදා රාත්‍රී 11:59 සිට මෙල්බන් මෙට්‍රොපොලිටන් හි කොරෝනා නීති ලිහිල් කිරීම් මෙසේය​.

Coronavirus restrictions eased in Melbourne Metropolitan.

ඔක්තෝබර් 27 වන අඟහරුවාදා රාත්‍රී 11:59 සිට මෙල්බන් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයන් හි සිදුවෙන කොරෝනා නීති ලිහිල් කිරීම් මෙසේය​.

සියලුම සිල්ලර වෙළඳසැල්, අවන්හල්, හෝටල්, කැෆේ සහ බාර් නැවත විවෘත වේ. මෙම ස්ථානවල ඇතුලත​ උපරිම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු වාඩි වී සංග්‍රහ කටයුතු සිදු කල හැකි අතර එළිමහනේ උපරිම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකුට එක්‍ රැස් විය හැකි වේ. නමුත් එළිමහනේ ව​ර්ග මීටර දෙකකට එක් අයෙක් බැගින් දුරස්ථභාවය රඳවා ගත යුතුය​. 

අලංකාර, පුද්ගලික සේවා සහ පච්ච කෙටීම වැනි ව්‍යාපාර​ මුහුණු ආවරණ පාවිච්චි කරමින් තම සේවාවන් සිදු කල හැකිය​.

වයස අවුරුදු 18 ට අඩු එළිමහන් ප්‍රජා ක්‍රීඩා සහ වැඩිහිටියන් සඳහා එළිමහන් නොබැඳි (non-contact) ක්‍රීඩා නැවත ආරම්භ වේ.

නිවසින් පිටවීමට අදාල අනිවාර්‍ය​ හේතු හතර ඉවත් කරනු ලැබේ.

එළිමහන් රැස්වීම් උපරිම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර, මාස 12 ට අඩු ළදරුවන් 10 දෙනෙකුගේ ගණනය කිරීම්වලට ඇතුළත් කර නොමැති අතර රැස්වීම් තවදුරටත් නිවාස​ දෙකකට පමණක් සීමා නොවනු ඇත.

නිවෙස් තුලට එක් රැස්වීම් පිළිබඳව හෙට දිනයේ නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවට සඳහන් වේ.

මංගල උත්සව උපරිම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ යනු ඇත. අවමංගල්‍ය කටයුතු ශෝකවන්නන් 20 දෙනෙකු දක්වා ඉහළ යනු ඇත.

ඇදහිලි හා ආගමික රැස්වීම් සම්බන්ධයෙන් ගත් කල, ගෘහස්ථව උපරිම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු සහ ආගමික​ නායකයෙකු ඇතුලත් වනු ඇත. එළිමහනේ උපරිම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු සහ එක් ආගමික​ නායකයෙකු ඇතුලත් වනු ඇත.

කිලෝමීටර් 25 ක ගමන් සීමාව තවමත් ක්‍රියාත්මක වන අතර කලාපීය සහ මෙල්බන් මෙට්‍රොපොලිටන් අතර පවතින දේශ සීමාව ද​ පෙර ලෙසම පවතී.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »