වීසා කල් ඉකුත් වන නවසීලන්ත වීසා හිමියන්ට විශේෂ දැනුම්දීමක්

ඉදිරි මාස කිහිපය තුළ කල් ඉකුත් වීමට නියමිත 2021 අන්තර්වාර වීසා (2021 Interim Visa) බලපත්‍ර දරන්නන්ට දැන් නව වීසා බලපත්‍රයක් (Interim Visa) ඉල්ලා සිටිය හැකි බව නවසීලන්තයේ ආගමන විගමන ආයතනය (INZ) නිවේදනය කර තිබෙනවා.

මෙම පියවර මගින් 2021 නේවාසික වීසා (2021 Resident Visa) අයදුම්කරුවන්ට ඔවුන්ගේ වීසා අයදුම්පත්‍රය ක්‍රියාවට නංවන අතරතුර නවසීලන්තයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙනවා.

නව වීසා බලපත්‍රය ඉල්ලා සිටීම සඳහා ගාස්තුවක් අය නොකරන බව INZ තහවුරු කර ඇති අතර විදේශ ගමන් සඳහා අවසර දෙන කොන්දේසි එයට ඇතුළත් වනවා.

2021 නේවාසික වීසා බලපත්‍ර අයදුම්කරුවන් මාසයකට අඩු වලංගු කාලයක් සහිත අන්තර්කාලීන වීසා බලපත්‍රයක් දරන අය, ඔවුන්ගේ වත්මන් වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට පෙර [email protected] වෙත නව වීසා බලපත්‍රයක් සඳහා විද්‍යුත් තැපැල් ඉල්ලීමක් එවිය යුතු වනවා.

මෙම නව වීසා බලපත්‍රය මාස 12 ක් සඳහා වලංගු වන බවයි INZ පවසා සිටින්නේ.

මීට අමතරව, INZ විසින් 2021 නේවාසික වීසා (2021 Resident Visa) අයදුම්කරුවන්ට ඔවුන්ගේ වර්තමාන තාවකාලික වීසා බලපත්‍ර කල් ඉකුත් වූ පසු ස්වයංක්‍රීයව 2021 අතුරු වීසා (Interim Visa) ලබා දීමද සිදු මෙමඟින් සිදු කරනවා.

මෙම අතුරු වීසා බලපත්‍රය මගින් ඔවුන්ගේ නේවාසික වීසා අයදුම්පත්‍රය ක්‍රියාවට නංවන අතරතුර නවසීලන්තයේ රැඳී සිටීමට ඉඩ සැලසෙන අතර ඒ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන අතර, අතුරු වීසා බලපත්‍රය ද මාස 12 ක් සඳහා වලංගු වනවා.

කෙසේ වෙතත්, අන්තර්වාර වීසා (Interim Visa) බලපත්‍රයක් ලබා දී සංචාරය කිරීමට අදහස් කරන අය ඔවුන්ගේ අන්තර්වාර වීසා බලපත්‍රයට සංචාරක කොන්දේසි එකතු කරන ලෙස ඉල්ලා සිටිය යුතු අතර, එමඟින් ඔවුන්ට විදේශගත වීමට ඉඩ සැලසෙනවා.

නැවතත්, ඉල්ලීමක් කිරීම සඳහා ගාස්තුවක් අය නොකෙරේ.

නව වීසා බලපත්‍රයක් සහ ගමන් කොන්දේසි ඉල්ලා සිටීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පහත සබැඳිය ඔස්සේ දැනගැනීමට හැකියාව තිබෙනවා.

https://www.immigration.govt.nz/about-us/media-centre/news-notifications/information-for-2021rv-applicants-whose-interim-or-temporary-visas-expire-soon

CREDIT / SOURCE : srilankanz

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »