ඔස්ට්‍රේලියානු ඩොලරයේ ගැණුම් මිළ රු 214 ට අඩුවෙයි

AUD LKR DOLLAR RUPPEE

ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවත් ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳපොළ වාර්තා අනුව අද දිනයේදී ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ සටහන් වන්නේ රුපියල් 214 යි ශත 30 ක් ලෙසයි.

ඊයේ දිනය අවසානය වනවිට ඔස්ට්‍රේලියානු ඩොලරයේ විකිණුම් අගය සටහන්වී තිබුණේ රුපියල් 227 යි ශත 95 ක් ලෙසයි.

අද දිනයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන නිල විදේශ විනිමය අනුපාතික අගයන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12 න් පසුව නිකුත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඊයේ දිනයේදී තවත් පහතට වැටී තිබුණා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතය අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 318 යි ශත 30ක් වූ අතර විකිණුම් මිල රු 335 යි ශත 75 ක් ලෙසයි පැවතුණේ.

කෙසේවෙතත් වාණිජ බැංකු කිහිපයකම අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 315 ක් දක්වා ත් විකුණුම් මිල රුපියල් 335 ක් දක්වාත් පහළ ගොස් තිබුණා.

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »