මෙල්බන් ගුවන් තොටුපළේ ඉන්ධන පිරවුම් සේවකයන් වැඩ වර්ජනයක

මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉන්ධන පිරවුම් සේවකයන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් හෙට අලුයම 04 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

කෙසේවෙතත් මෙමගින් ගුවන් ගමන්වල කිසිදු වෙනසක් හෝ ප්‍රමාදයක් සිදුනොවන බව ක්වන්ටාස් ගුවන් සේවය අවධාරණය කරනවා.

එහෙත් වෘත්තීය සමිති පවසන්නේ ගුවන් යානා සඳහා ඉන්ධන නිකුත් කිරීම අද දිනය තුළ සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බවයි.

ක්වන්ටාස් ඇතුලු ගුවන් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ආයතන අධික ලාභ ලබන වාතාවරණයක සිය වැටුප් ගැටලුව නොවිසඳීම ගැටලු සහගත බවත් ඔවුන් පෙන්වා දෙනවා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »