ආර්ථික තත්වය නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ මානසික සෞඛ්‍ය මට්ටම පහළට

අඛණ්ඩව ඉහළ යන පොළී අනුපාතික අගයන් සහ උද්ධමනය හමුවේ ඔස්ට්‍රේලියානුවන්ගේ මානසික සෞඛ්‍ය මට්ටමද පහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

ජීවන වියදම වැඩිවීමත් සමග තම ආතති තත්වය ඉහළගොස් ඇති බවට අදහස් දක්වා ඇති ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රතිශතය සියයට 46 ක්.

එය පසුගිය දෙසැම්බර් කාර්තුව හා සැසඳීමේදී සියයට 05 ක ඉහළයාමක් ලෙසටයි ගණන් බලා ඇත්තේ.

නිවාස මිළ ගණන් හමුවේ සිය ආතති තත්වය වැඩිවී ඇති බවට සියයට 23 ක්ද – විරැකියාව හමුවේ ආතති තත්වය වැඩිවී ඇති බවට සියයට 21 ක්ද අදහස් දක්වා තිබුණා.

පසුගිය වසරේදීප නිවු සවුත් වේල්ස් හි සිය දිවි හානිකර ගැනීම් සියයට 05 කින්ද වික්ටෝරියා හි සියයට 09 කින්ද වැඩිවී ඇති බවටයි මෑතකදී නිකුත් වු වාර්තාවක දැක්වුණේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »