දකුණු ඔස්ට්‍රේලියා පොලිස් නිළධාරීන්ට Tattoo ප්‍රදර්ශනයට අවසර

පොලිස් නිළධාරීන්ට පිටතට පෙනෙන පරිදි ටැටූ ප්‍රදර්ශනයට අවසර දීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය අවසර දී තිබෙනවා.

එමෙන්ම පිරිමි නිළධාරීන්ටද දිගු කොණ්ඩයක් පවත්වාගෙන යාමට ද අනුමැතිය දීමටයි ප්‍රාන්ත පොලිසිය තීරණය කර ඇත්තේ.

කිසියම් අයෙකු ටැටූ ප්‍රදර්ශනය කරන්නේ නම් ඒවා වෙනත් අයෙකුට අපහාසයක් නොවිය යුතු අතර මුහුණ – හිස – කන් හෝ ගෙලෙහි නොතිබිය යුතු වනවා.

මෙම රෙගුලාසි සරල කිරීමෙන් පොලිස් නිළධාරීන්ගේ වෘත්තීමයභාවය ප්‍රදර්ශනයට බාධාවක් නොවිය යුතු බවත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කරනවා.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලනඩ් සහ ටස්මේනියා ප්‍රාන්තවල පොලිස් නිළධාරීන්ට ටැටූ ප්‍රදර්ශනයේදී කිසිදු වාරණයක් බලාත්මක වන්නේ නැහැ.

බටහිර ඔස්ට්‍රේලියා පොලිස් නිළධාරීන් ඊට පූර්ව අනුමැතිය ගත යුතු අතර හි පොලිස් නිළධාරීන්ට ගෙලෙහි සහ දෑත්වල පමණක් ටැටූ ප්‍රදර්ශනය කල හැකි වන්නේ නැහැ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »