ලොතරැයි මගින් PR දීමට විපක්ෂයේ විරෝධය

පැසිෆික් දුපත්වාසීන් 3,000 කට මෙරට ස්ථිර පදිංචිය ලබාදීමේ ලොතරැයි වීසා ක්‍රමයට ෆෙඩරල් විපක්ෂය විරෝධය පළකර තිබෙනවා.

පුහුණ ශ්‍රමික හිගය පියවීමේ යෝජනාවට පක්ෂ නමුත් ලොතරැයි මගින් වීසා බලපත් ලබාදීමට එරෙහි වන බවයි ලිබරල් සන්ධානයේ ඡායා සංක්‍රමණ ඇමති ඩෑන් ටෙහාන් අවධාරණය කරන්නේ.

Micronesia, Fiji, Kiribati, Nauru, Palau, Papua New Guinea, the Republic of the Marshall Islands, Samoa, Solomon Islands, Timor-Leste, Tonga, Tuvalu & Vanuatu යන පැසිෆික් දූපත් රාජ්‍යයන් හි අවුරුදු 18 ත් 45 ත් අතර මනා ඉංග්‍රීසි නිපුණත්වයක් සහිත සහ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පෙළෙන 3,000 කට ස්ථිර වීසා ලබාදීමේ වැඩපිළිවෙලක් ලබන ජූලි මාසයේ සිට ආරම්භ කරන බවයි ලේබර් පක්ෂ රජය දින කිහිපයකට ඉහතදී නිවේදනය කලේ.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවට වර්තමානයේ අවශ්‍ය වී ඇත්තේ සේවක හිගය මගහරවාලීම සඳහා පුහුණු ශ්‍රමිකයන් බවත් අමෙරිකා ග්‍රීන් කාඩ් වැනි ලොතරැයි මගින් ස්ථිර පදිංචිය ලබාගන්නන් නොවන බවත් විපක්ෂය අවධාරණය කරනවා.

ලිබරල් පක්ෂයේ විරෝධය හමුවේ ලේබර් රජයේ මෙම තීරණය සෙනට් සභාවේදී සම්මත වීම අවිනිශ්චිත වී තිබෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »