අගමැති ඇල්බනීස් අද සිට දින 04 ක් ඉන්දියාවේ

ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් අද සිට ඉන්දියාවේ දින 04 ක නිල සංචාරයක නිරත වනවා.

වෙළඳ – ව්‍යාපාරික – ඛණිජ සම්පත් ඇතුලු අංශ කිහිපයක් කෙරෙහි මෙම සංචාරයේදී අවධානය යොමු කිරීමට නියමිතයි.

අහමදාබාද් – මුම්බායි සහ නවදිල්ලි යන නගර ආවරණය වන පරිදි ඔස්ට්‍රේලියා අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය සැළසුම් කර තිබෙනවා.

ඉන්දු – ඔස්ට්‍රේලියා ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර ද්විපාර්ශවික හමු කිහිපයක්ද මෙම සංචාරයට ඇතුළත්.

චීනය සමග වන සබඳතා ක්‍රම ක්‍රමයෙන් ඈත්වෙමින් පවතින පසුබිමක ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය වැදගත් එකක් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »