අඛණ්ඩව 10 වන වරටත් cash rate අගය ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.
පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් එය ඉහළ දැමෙන අතර දැනට පවතින සියයට 3.35 ක cash rate අගය සියයට 3.6 දක්වා ඉහළ යනු ඇති.
ඒ අනුව 2012 වසරෙන් පසු ඔස්ට්‍රේලියාව තුළ cash rate අගය පවතින ඉහළම අගය ලෙසද එය වාර්තා අතරට එක්වනවා.
ඩොලර් ලක්ෂ 05 ක උකස් ණයක් ගෙන ඇති අයෙකුගේ මාසික ණය වාරිකය මෙම සංශෝධනයත් සමග ඩොලර් 82 කින් පමණ ඉහළ යනු ඇති.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට සැළකීමේදී ඔවුන්ගේ ණය වාරික ඉහළ යාම ඩොලර් 1051 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.
අද සිදුකල cash rate අගය ඉහළ දැමීමට සමගාමීව ප්‍රධාන බැංකු විසින් සිදුකරන නිවාස ණය සහ උකස් වාරික පොළී අනුපාතික වෙනස්කම් පිළිබඳ ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.