Search

මරේ වැලි එන්සෙපලයිටීස් ආසාධනයවී තවත් වික්ටෝරියා කාන්තාවක මරුට

මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය ආසාධනය වීමෙන් වික්ටෝරියා ප්‍රාන්තවාසී තවත් කාන්තාවක මියගොස් තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ බෙන්ඩිගෝ හි පදිංචි 60 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇති බවයි.

මෙවර මදුරු ගහණ සමයේදී වික්ටෝරියාවෙන් වාර්තාවන මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය ආසාධිත දෙවන මරණය මෙයයි.

එමෙන්ම වෛරසය ආසාධිත 70 හැවිරිදි තවත් පුද්ගලයෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

1974 වසරෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් පළමු වරට මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය ආසාධිත මරණයක් සටහන්වූයේ පසුගිය මාසයේදීයි.

එහිදී 60 හැවිරිදි කාන්තාවක මරණයට පත්වි තිබුණා.

මදුරුවන් මගින් පැතිරයන මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසයේ මූලික ලක්ෂණ වන්නේ හිසරදය – උණ – ඇගපත වේදනාවයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »