Search

ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 03 කගේ දත්ත සොරාගත් බවට Facebook ට චෝදනා

ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 03 කගේ පමණ පුද්ගලික දත්ත පැහැරගැනීමේ සිදුවීමකට සම්බන්ධ නැතැයි ෆේස්බුක් සමාජ ජාලය සහ එහි වත්මන් හිමිකාරීත්වය දරන මෙටා සමාගම ගොණුකල අභියාචනයක් මහාධිකරණය විසින් ඉවත දමා තිබෙනවා.

ඒ අනුව අදාළ නඩු විභාගය ෆෙඩරල් අධිකරණයක් හමුවේ අඛණ්ඩව විභාග කිරීමටයි අවසර ලැබී ඇත්තේ.

2014 වසරේදී ෆේස්බුක් සමාජ ජාලය තුළ පළකරන ලද මත විමසුමකදී මෙම දත්ත සොරාගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඒ පිළිබඳ පළමුවෙන් තොරතුරු වාර්තා වූයේ 2018 වසරේදීයි.

ඒ වනතෙක් ගතවූ වසර 04 ක කාලය තුළදී අදාළ දත්ත ඔස්ට්‍රේලියානුවන්ගේ අනුදැනුමකින් තොරව විවිධ දේශපාලන සහ වාණිජ කටයුතු සඳහා යොදාගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

2016 වසරේදී පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේදි ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට උපාය මාර්ග සකස් කිරීමේදී පවා මෙම දත්ත යොදාගෙන ඇති බව සඳහන්.

කිසියම් අයුරකින් ෆේස්බුක් සමාගම මෙහිදී වරදකරුවන් බවට පත්වුවහොත් ඔස්ට්‍රේලියා ඩොලර් මිලියන 2.2 ක දඩයකට ඔවුන් යටත් වනු ඇති.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »