ගෝල්ඩ් කෝස්ට් හෙලිකොප්ටර් අනතුරට හේතුව හෙළිවෙයි

පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත්ව තවත් 06 දෙනෙකුට තුවාල සිදු කරමින් ගෝල්ඩ් කෝස්ට් හිදී සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරට අදාළ මූලික විමර්ශන වාර්තාව නිකුත් කර තිබෙනවා.

ගොඩබැස්වීමට සූදානමින් සිටි හෙලිකොප්ටරයේ නියමුවාට, ගුවන් ගතවෙමින් සිටි හෙලිකොප්ටරයේ නියමුවා විසින් ලබාදුන් ඇමතුම නිසි පරිදි ශ්‍රවණය නොවීම අනතුරට හේතුවී ඇති බව එහි සඳහන්.

පළමු හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිටි මගීන් දෙදෙනෙකු විසින් ඒ බව නියමුවාට දන්වා ඇතත් ඔහු ආරක්ෂක පියවරක් ගැනීමට පෙර යානා දෙක එකිනෙක ගැටී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ අවසාන වාර්තාව සහ නිර්දේශ නිකුත් කිරීමට මාස 18 ත් අවුරුදු 02 ත් අතර කාලයක් ගතවිය හැකි බවටයි වාර්තා පළවන්නේ.

ගෝල්ඩ් කෝස්ට් Sea world හිදී මෙම අනතුර සිදුවූයේ පසුගිය ජනවාරි 02 වනදායි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »