නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට අලුතින් පෙර පාසල් 500 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා අලුතින් පෙර පාසල් 500 ක් ඉදි කරන බවට අගමැති ඩොමිනික් පෙරෝටේ සහතික වනවා.

ඩොලර් බිලියන 01 ක වටිනාකමින් යුත් මෙම පෙර පාසල් සියල්ල 2030 වසර වනවිට ඉදි කර අවසන් කරන බවටයි අගමැතිවරයා ප්‍රතිඥා දෙන්නේ.

මින් 97 ක් බටහිර සිඩ්නි කලාපයේ ඉදි කෙරෙන අතර තවත් පෙර පාසල් 350 ක් නිවු සවුත් වේල්ස් regional කලාපයේ ඉදි කිරීමට නියමිතයි.

වික්ටෝරියා ප්‍රාන්ත රජයද සමග එක්ව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් පසුගිය වසරේදී හඳුන්වා දුන් ඩොලර් බිලියන 5.8 ක වටිනාකමින් යුත් 10 වසරක පෙර පාසල් අධ්‍යයන පැකේජයට මෙම යෝජනාවද ඇතුළත්.

ලබන 25 වනදා පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් වත්මන් පාලක ලිබරල් සන්ධානය ජයගත හොත් මෙම වසර අවසානයේ සිටම මෙම ඉදි කිරීම් ආරම්භ කරන බවටයි අගමැති පෙරෝටේ සහතික වන්නේ.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »