
Cash rate අගය තවත් පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව අද දිනයේදී කටයුතු කරනු ඇති බවට වාර්තා පළවනවා.
ඒ අනුව අඛණ්ඩව 10 වන වරටත් මෙරට පොළී අනුපාතික අගයන් ඉහළ ගොස් cash rate අගය සියයට 3.6 දක්වා වැඩිවනු ඇති.
2022 වසරේ අවසාන කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය සියයට 0.8 ක් වනු ඇති බවටයි පුරෝකථනය කර තිබුණේ.

කෙසේවෙතත් එය සියයට 0.5 ක් වැනි අඩු අගයකින් ඉහළ ගොස් තිබීම හමුවේ ආර්ථික අවපාතයක් කරා නොයනු පිණිස පොළී අනුපාතික තවත් ඉහළ දැමීමටයි ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරමින් සිටින්නේ.
අද සිදුකරන cash rate අගය ඉහළ දැමීමට සමගාමීව ප්‍රධාන බැංකු විසින් සිදුකරන නිවාස ණය සහ උකස් වාරික පොළී අනුපාතික වෙනස්කම් පිළිබඳ ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.
