මෙල්බන් CBD එන සෑම වාහනයකින්ම $ 10 ක නව ගාස්තුවක් ?

මෙල්බන් CBD වෙත ඇතුලුවන සෑම වාහනයකින්ම දිනකට ඩොලර් 10 කට ආසන්න නව ගාස්තුවක් අය කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

කොවිඩ් සමයෙන් පසු පුද්ගලික වාහන භාවිතය කැපී පෙනෙන ලෙස ඉහළයාමෙන් නගරයේ ඉහළ ගොස් ඇති තදබදය අවම කිරීම එහි අරමුණයි.

යෝජිත නව ගාස්තු ක්‍රමවේදය හරහා පෙරවරුවේ සහ පස්වරුවේ මෙල්බන් CBD වෙත ඇතුලුවන වාහන 5000 ක් බැගින් අඩු කර ගැනීමට යෝජිතයි.

මෙල්බන් නාගරික කලාපයම ආවරණය වන පරිදි ස්ථාපිත කෙරෙන වාහන අංක තහඩු නිරීක්ෂණ කැමරා පද්ධතියක් මගින් අදාළ වාහන හඳුනාගැනීමට නියමිතයි.

මෙමගින් නගරය තුළ තදබදය අවම වී වාහන වේගය සියයට 16 කින් පමණ ඉහළ යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

කෙසේවෙතත් මෙලෙස අය කර ගැනීමට සැළසුම් කර ඇති මුදල පිළිබඳ මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කලා.

SOURCE : https://www.9news.com.au/national/drivers-could-soon-be-slugged-with-a-congestion-tax-in-victoria/d1cbe5b0-513b-4cb2-a9cf-58e29c327997

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »