Tik Tok පිළිබඳ තීරණය එක් එක් දෙපාර්තමේන්තුවට

ජනප්‍රිය ටික් ටොක් ජංගම දුරකථන ඇප්ලිකේෂනය තහනම් කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණය කිරීම එක් එක් රාජ්‍ය දෙපාර්තමේන්තුවට පැවරීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

අමෙරිකාව – කැනඩාව ඇතුලු රටවල් කිහිපයක් විසින් මේ වනවිට රාජ්‍ය සේවකයන්ට ටික් ටොක් තහණම් පණවා අවසන්.

ඒ අනුව යමින් ඔස්ට්‍රේලියා මධ්‍යම රජයද එවැනි තහණමක් පණවනු ඇති බවට වාර්තා වුවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එය බැහැර කරනු ලැබුවා.

කෙසේවෙතත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව – මුදල් දෙපාර්තමේන්තුව – මැතිවරණ කොමිසම ඇතුලු ආයතන 12 කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට සිය සේවකයන්ට පූර්ණ ටික් ටොක් තහනම් පනවා තිබෙනවා.

Australia Post ඇතුලු තවත් ආයතන සංඛ්‍යාවක්ද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගැනීමටයි සැළසුම් කර ඇත්තේ.

සංවේදී රාජ්‍ය තොරතුරු ටික් ටොක් ඇප්ලිකේෂනය හරහා චීන රජය වෙතට ලැබීම වළක්වාලීමයි එහි අරමුණ වන්නේ.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »