
තමන්ට සාධාරණයක් ඉටු කර දෙන්නැයි ඉල්ලමින් අනවසර සංක්‍රමණිකයන් විශාල පිරිසක් කැන්බරා හි ෆෙඩරල් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට අද පස්වරුවේ විරෝධතාවයක නිරත වුණා.
ආසියානු – මැද පෙරදිග සහ අප්‍රිකානු රටවල සිට මීට වසර කිහිපයකට ඉහතදී මෙරටට පැමිණි පිරිසක් මෙලෙස විරෝධතාවල නිරත වී සිටියා.
තමන් සමග බෝට්ටුවලින් පැමිණි ඇතැමුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිවී ඇතත් තමන්ට මේ දක්වා අවසන් නිගමනයක් ලැබී නොමැති බවටයි ඔවුන් චෝදනා කලේ.

2013 වසරට පෙර බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට පැමිණි 19,000 කට ස්ථිර පදිංචිය ලබාදෙන බව ෆෙඩරල් රජය විසින් මීට දින කිහිපයකට පෙර නිවේදනය කලා.
තමන් සම්බන්ධයෙන්ද එවැනි සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙසයි කැන්බරා හි පැවති මෙම විරෝධතාවයට එක්වූවන් ඉල්ලා සිටියේ.
