Search

NSW මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් කාලය අද අවසන්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් යොමුකල යුතු කාලය අද පස්වරු 06 ට අවසන් වනවා.

ලබන 25 වනදා පැවැත්වෙන මැතිවරණ දිනයේදී ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ගොස් ඡන්ද ප්‍රකාශ කල නොහැකි ඡන්ද දායකයන් වෙනුවෙනුයි එම අවස්ථාව ලබාදී තිබුණේ.

වෙනත් ප්‍රාන්තයක සිට හෝ වෙනත් රටක සිට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් ඒ සඳහා පියවර ගත යුතුව තිබුණා.

තැපැල් ඡන්ද සඳහා ලියාපදිංචිවීමට නොහැකිවූ ඡන්ද දායකයන්ට ලබන 18 වනදා සිට 24 වනදා දක්වා පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතිනවා.

මැතිවරණය සඳහා ලියාපදිංචිවී ඡන්දය ප්‍රකාශ නොකරන ඡන්ද දායකයන්ට ඩොලර් 55 ක දඩයකට යටත්වීමට සිදුවනු ඇති.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »