ඔස්ට්‍රේලියාව පුරා ඉදිරි දිනවල ශීතකල ආහාර සැපයුමේ අඩුවක්

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාල කිහිපයක ඉදිරි දිනවලදී ශීතකල ආහාර ද්‍රව්‍ය සැපයුමේ අඩුවක් පැවතිය හැකි බවට අනාවැකි පළවනවා.

අදාළ ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධාන ප්‍රවාහන සමාගමක් හදිසියේ වසා දැමීමයි ඊට හේතුව වන්නේ.

මෙම සමාගම විසින් එක් දිනයකදී සාමාන්‍යයෙන් කෝල්ස් – වූල්වර්ත්ස් සහ ඇල්ඩි යන සුපිරි වෙළඳසැල් වෙත ආහාර පැලට් 8,000 ක් පමණ බෙදා හැර තිබුණා.

ඔවුන් සතුව සිටි සේවකයන් 1500 කගේ පමණ රැකියා සුරක්ෂිතභාවයද මේ වනවිට අවිනිශ්චිත තත්වයකයි පවතින්නේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන සමාගම් 200 ක් පමණ මේ වනවිට ණය ගෙවාගත නොහැකිව බංකොළොත් වී ඇතැයි ද පසුගියදා වාර්තා වුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »