ඔස්ට්‍රේලියානුවන් මිලියන 05 කට දීමනා වැඩිවීමක්

ඔස්ට්‍රේලියානුවන් මිලියන 05 කට පමණ විශ්‍රාම වැටුප් සහ අනෙකුත් දීමනා වැඩිවීමක් මෙම මාසය අවසානයේ සිට බලාත්මක වනවා.

ඒ අනුව Age Pension, Disability Support Pension, Carer Payment සඳහා තනි පුද්ගලයෙකුට සති 02 කට ඩොලර් 37.50 ක් සහ යුවළකට සති 02 කට ඩොලර් 56.40 ක දීමනා ඉහළයාමක් ක්‍රියාත්මක වනු ඇති.

මේ අනුව සති 02 කට අදාළව තනි විශ්‍රාමිකයෙකුට හිමිවන උපරිම විශ්‍රාම වැටුප ඩොලර් 1064 ක් දක්වා ඉහළ යාමට නියමිතයි.

සති 02 කට අදාළව යුවළකට හිමිවන උපරිම විශ්‍රාම වැටුප වැඩිවනු ඇත්තේ ඩොලර් 1604 ක් දක්වායි.

Job Seeker දීමනා හිමිවන අවුරුදු 22 ට වැඩි අයෙකුට සති 02 කට අමතර ඩොලර් 24.70 ක මුදලක්ද හිමිවීමට නියමිතයි.

දරුවන් සිටින එහෙත් සහකරු නොමැති අයෙකු වෙනුවෙන් සති 02 කට හිමිවන single parent අමතර දීමනාව ඩොලර් 33.90 ක්.

මීට අමතරව තවත් දීමනා කිහිපයක්ද ලබන 20 වනදා සිට ඉහළ දමා ඇති බවයි ෆෙඩරල් රජය නිවේදනය කලේ.

ඉහළ යන උද්ධමනයට සමගාමීව මෙම දීමනා ඉහළ නැංවීම් සිදුකර තිබෙනවා.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »