මෙල්බන් ගුවන් තොටුපළ ක්වන්ටාස් සේවකයන් ලබන බදාදා වර්ජනයක

මෙල්බන් ගුවන් තොටුපළේ ක්වන්ටාස් ඉන්ධන පිරවුම් සේවකයන් පැය 24 ක වර්ජනයකට සූදානම් වනවා.

ලබන බදාදා අලුයම 04 සිට පැය 24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එමගින් ඉන්ධන ලබාගැනීමට අපේක්ෂා කරග ජාත්‍යන්තර මගී ගුවන් සේවා සඳහා මෙන්ම භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා සඳහාද බලපෑම් එල්ලවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

වැඩි වැටුප් සහ ඉහළ සේවා කොන්දේසි ඉල්ලා සිටිමිනුයි ක්වන්ටාස් ඉන්ධන පිරවුම් සේවකයන් මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.

මෙමගින් ලබන බදාදා දිනයේදී මෙල්බන් ගුවන් තොටුපළේ ඇතැම් ගුවන් ගමන් ප්‍රමාදවීමට ඉඩ ඇති බවටයි වෘත්තීය සමිති අනතුරු අගවන්නේ.

කෙසේවෙතත් කිසිදු ගුවන් ගමනකට බාධාවක් සිදුවීමට ඉඩ නොදෙන බවට ක්වන්ටාස් ගුවන් සේවය සහතික වනවා.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »