ටස්මේනියා ඖෂධ රෙගුලාසි අද සිට ලිහිල් කරයි

ටස්මේනියා ප්‍රාන්තයේ ඔසුසැල් සඳහා ඖෂධ නිකුත් කිරීමේ රෙගුලාසි අද සිට ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව කිසියම් අයෙකුට වෛද්‍ය නිර්දේශ ලබාගැනීමේ ගැටලුවක් ඇත්නම් ඔවුන් භාවිත කල ඖෂධ තවත් මාසයක කාලයක් සඳහා නිකුත් කිරීමට ෆාමසි වෙත අවසර හිමිවනවා.

වසරකට එක් අවස්ථාවකදී පමණක් මෙලෙස ඖෂධ මිළදී ගත හැකි අතර වලංගු ඖෂධ තුණ්ඩුවක් සහ වෛද්‍යවරයා සම්බන්ධ කරගැනීමට නොහැකිවු බව දැක්වෙන ඉලෙක්ට්‍රොනික සාක්ෂියක් එහිදී ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් විසින් මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාවද මෙයයි.

මේ හරහා රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශවල තදබදය අවම වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »