![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
අදින් ආරම්භ වන සතියේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ඉතා දැඩි උණුසුම් කාළගුණයක් පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.
ඒ අනුව ප්‍රාන්තයේ ඇතැම් ස්ථානවල සෙල්සියස් අංශක 40 ඉක්මවූ කාළගුණයක් පවතිනු ඇති බව සඳහන්.
අද සිඩ්නි නගරයේ උෂ්ණත්වය අංශක 35 කට ආසන්න වනු ඇති අතර නිවු සවුත් වේල්ස් බටහිර ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 38 ක් පමණ විය හැකියි.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
මෙම උණුසුම් කාළගුණයත් සමග බොහෝ ප්‍රදේශවලට ලැව්ගිනි අනතුරු ඇගවීම් සහ total fire ban ද නිකුත් කර තිබෙනවා.
ළමුන් – වැඩිහිටි ජනතාව මෙන්ම අවධානම් කාණ්ඩවල ජනතාවට හැකිතාක් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසටයි බළධාරීන් විසින් උපදෙස් දී සිටින්නේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
මේ අතර හෙට දිනය දක්වා නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ටස්මේනියා – ක්වීන්ස්ලන්ඩ් – දකුණු ඔස්ට්‍රේලියා යන ප්‍රාන්තවල ප්‍රදේශ ගණනාවක දැඩි උණුසුම් කාළගුණ තත්වයක් අපේක්ෂා කෙරෙනවා.
කෙසේවෙතත් ලබන බදාදායින් පසු මෙම තත්වයේ වෙනසක් බලාපොරොත්තු විය හැකි බවට කාළගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළකරනවා.
ඒ අනුව ප්‍රාන්ත කිහිපයක ස්ථානවල හිමපතනයක්ද අපේක්ෂා කල හැකියි.