Paid parental leave සංශෝධන මෙම සතියේ පාර්ලිමේන්තුවට

ඔස්ට්‍රේලියාව තුළදි දරු උපතකදී දෙමව්පියන් හට ලබාදෙන වැටුප් සහිත නිවාඩු කාල සීමාව (paid parental leave) සති 18 සිට 26 දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධන මෙම සතියේදී පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතයි.

පසුගියදා සෙනෙට් සභාවේදී ඊට අනුමැතිය හිමිවූ අතර තනිව ජීවත්වන මවකට හෝ පියෙකුට සති 20 ක වැටුප් සහිත නිවාඩු කාල සීමා කාලයක්ද ලැබෙනු ඇති.

පසුගිය ඔක්තෝබරයේදී ඉදිරිපත් කරන ලද මෙම වසර සඳහා වන අයවැය ලේඛනයට ඇතුළත් වූ මෙම යෝජනාව ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇත්තේ 2026 වසරේ සිටයි.

මවට සති 06 ක් – පියාට සති 06 ක් සහ අනෙක් සති 14 ඔවුන් විසින් තෝරා ගන්නා ආකාරයට ලැබෙන පරිදි මෙම සති 26 සකස් කෙරෙනු ඇති.

දරුවන් ලැබීමෙන් පසුව වුවද කාන්තාවන්ට රාජකාරි සඳහා වාර්තා කිරීමට මේ යටතේ වැඩි අවස්ථාවක් හිමිවන බැවින් ආර්ථිකය නංවාලීමට ප්‍රබල දායකත්වයක් ලැබෙනු ඇති බවද අපේක්ෂා කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »