Cash rate අගයෙහි වෙනස ගැන මීළග තීන්දුව හෙට

මෙම මාසය සඳහා පොළී අනුපාතික අගයන් තීරණය කිරීමට ෆෙඩරල් සංචිත බැංකුව හෙට යළි රැස්වනවා.

දැනට සියයට 3.35 ක්ව පවතින cash rate අගය නැවතත් ඉහළ දැමීමට එහිදී තීරණයක් ගැනෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

කිසියම් අයුරකින් cash rate අගය වැඩිකලහොත් අඛණ්ඩව එය ඉහළ දමන ලද 10 වන අවස්ථාව බවට පත්වනු ඇති.

මීට සමගාමීව නිවාස ණය පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ බැංකු සියල්ල ඉදිරි දිනවල කටයුතු කරනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

පසුගියදා නිකුත් වූ වාර්තාවක සඳහන් වූයේ ලබන මැයි මාසය දක්වා cash rate අගය ඉහළ ගොස් දෙසැම්බර් මාසය දක්වා එම අගයේම පවතිනු ඇති බවටයි.

අනතුරුව ක්‍රම ක්‍රමයෙන් එය අඩුවනු ඇති බවටත් ආර්ථික විශේෂඥයන් අනාවැකි පළකර තිබුණා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »