මෙල්බන් සිටින ලාංකිකයෙකුට බර ඉසිලීමේ ලෝක ශූරතා රිදී පදක්කමක්

World Masters ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් පදිංචි වී සිටින පූර්ණ කාහිංගල සමත්වී තිබෙනවා.

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ සම්මේලන තරගාවලියද නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී මේ දිනවල ක්‍රියාත්මකයි.

කිලෝග්‍රෑම් 89 බර පංතියේ තරගයේ රිදී පදක්කම දිනාගැනීමටයි පූර්ණ කාහිංගල සමත්වූයේ.

මෙය ශ්‍රී ලංකාවේ උපත ලැබූවෙකු විසින් World Masters ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියකදී ලැබූ පළමු පදක්කමද වනවා.

බර ඉසිලීමේ ලෝක ශූරතා – ආසියානු ශූරතා – කලාපීය තරගාවලි ඇතුලු ශූරතා 17 කට වැඩි සංඛ්‍යාවත් නියෝජනය කර ඇති පූර්ණ කාහිංගල, වසර 20 කට වැඩි කාලයක් පුහුණුකරුවෙකු සහ විනිසුරුවරයෙකුද ලෙස කටයුතු කර තිබෙනවා.

අවස්ථා 05 කදී ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ජාතික ශූරයා ලෙසද ඔහු වාර්තා අතරට එක්ව සිටියා.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »