ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම කොකේන් වැටලීම – 12 ක් අත්අඩංගුවට

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම කොකේන් වැටලීම සිදුකර සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සමත්වී තිබෙනවා.

කොකේන් ටොන් 2.4 ක් ඔවුන් සතුව තිබී ඇති අතර ඒවායෙහි දළ වටිනාකම ඩොලර් බිලියනයකට ආසන්න බවයි පැවසෙන්නේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට වාර්ෂික මත්ද්‍රව්‍ය පරිභෝජන ප්‍රමාණයෙන් අඩක් පමණ වීම විශේෂත්වයක්.

සැකකරුවන් සතුව තිබි ඩොලර් මිලියන 02 කට ආසන්න වටිනාකමින් යුත් මුදල් තොගයක්ද සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය කල්ලිවලට සම්බන්ධ බවටයි සැක මතුවී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී දැයි සොයා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය විසින් ජාත්‍යන්තර පාර්ශව සමග සම්බන්ධීකරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »