පුතාගේ රෝගී තත්වය නිසා ඉන්දීය පවුලක් පිටුවහල් කරන්න යයි

සිය පුත්‍රයාගේ ඔටිසම් රෝගී තත්වය හමුවේ ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අවධානමකට ලක්ව ඇති බටහිර ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඉන්දීය පවුලක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

පර්ත් නගරයට ආසන්නයෙන් වාසය කරන මොවුන් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ මීට වසර 07 කට ඉහතදීයි.

මව සහ පියා යන දෙදෙනාම විදුලි සංදේශ සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රවල රැකියාවල නිරතවන බව සඳහන්.

ඔවුන් විසින් මෙරට ස්ථිර පදිංචිය සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත් සංක්‍රමණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ පවුලේ බාල දරුවා වන 10 හැවිරිදි පුත්‍රයා ඔටිසම් රෝගී තත්වයෙන් පෙළීම හේතුවෙනුයි.

ඔහුගේ ප්‍රතිකාර සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට ඔස්ට්‍රේලියාවට සිදුවනු ඇතැයි උපකල්පනය කර වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමටයි සංක්‍රමණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

මෙම පවුලට ලබාදී ඇති Bridging වීසා කාලසීමාව ලබන 15 වනදායින් අවසන් වන අතර එදිනට පෙර ඔස්ට්‍රේලියාවෙන් පිටත් නොවුණහොත් පිටුවහල් කිරීමට සිදුවන බවටද අනතුරු අගවා තිබෙනවා.

ඒ අනුව මෙම ගැටලුව සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් වෙත යොමු කිරීමටයි අදාළ ඉන්දීය පවුල කටයුතු කර ඇත්තේ.

ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයට බලපෑම් එල්ල කර ඇති දැවැන්ත සුළි කුණාටු හේතුවෙන් ඩුබායි ගුවන් තොටුපළ කටයුතුවලට දැඩි බාධා මතුවී තිබෙනවා.

Read More »

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »