Search

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් බිලියන 326 ක පාඩුවක්!

ශ්‍රී ලංකන් ගුවන්සමාගමට රුපියල් බිලියන 326 ක පාඩුවක්!

 

SriLankan Airlines accumulated loss Rs 326 billion.

ණය බරින් මිරිකී සිටින ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මේ වසරේ මාර්තු 31 වන විට රුපියල් බිලියන 47 ක ශුද්ධ අලාභයක් සිදුවී ඇති අතර සමුච්චිත(accumulated) අලාභය රුපියල් බිලියන 326 ක් වන අතර සමාගමේ වත්මන් වගකීම්(liabilities) එහි වර්තමාන වත්කම්(assets) රුපියල් බිලියන 211කින් ඉක්මවා ගොස්  ඇති බව විගණන වාර්තාවක් අනාවරණය කරයි.

ජාතික විගණන කාර්යාලය විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න විසින් මෙම​ විගණනය සිදු කරන ලදී.

මාර්තු 31 වනදායින් අවසන් වූ වර්ෂය තුළ ගුවන් සමාගමට රුපියල් මිලියන 47,197.86 ක ශුද්ධ අලාභයක් සිදුවී ඇති අතර එය රු. මිලියන 326,341.48 ක් වූ බව Sunday Times වාර්තාවේ දැක්වේ.

එම දිනය වන විට, සමාගමේ වර්තමාන වගකීම් එහි වර්තමාන වත්කම් රු. මිලියන 211,645.13 කින් ඉක්මවා ගොස්  ඇති අතර මුළු වගකීම් එහි මුළු වත්කම් රු. මිලියන 273,369.08 කින් ඉක්මවා ගොස්  ඇත.