සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට ලබන මාසයේ සිට මොඩර්නා

ඔමික්‍රොන් වෛරසය සඳහා විශේෂයෙන් නිපදවූ මොඩර්නා එන්නතේ මාත්‍රා මිලියන තුනක් ඔස්ට්‍රේලියාව විසින් ඇණවුම් කර තිබෙනවා.

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට ලබන මාසයේ සිට ඒවා ලබාගත හැකි බවයි ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම සඳහන් කලේ.

වයස අවුරුදු 12 සහ ඊට වැඩි සුදුසුකම් ලත් පුද්ගලයන් සඳහා මෙම අනුමත කර තිබෙනවා.

මේ අතර කොවිඩ් එන්නත් සහ ප්‍රතිකාර මිලදී ගැනීම සහ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධ ස්වාධීන සමාලෝචනයේ නිර්දේශ අටෙන් හතක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පිළිගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් ආරක්‍ෂක තත්ත්වයට හානි විය හැකි බලපෑම් හේතුවෙන් ඇතැම් තොරතුරු නිකුත් නොකරන බව ෆෙඩරල් රජය කියාසිටියා.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »