Search

Buy now, pay later හරහා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව ණයකරුවන් වීමේ අවධානමක්

පසුව මුදල් ගෙවීමේ පදනම මත භාණ්ඩ ලබාගත හැකි ක්‍රම (buy now, pay later (BNPL) හරහා ඔස්ට්‍රේලියානු තරුණ තරුණියන් ණයකරුවන් බවට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි අනාවරණය වනවා.

පවතින ආර්ථික වාතාවරණය හමුවේ AfterPay සහ Zip වැනි සේවා මේ වනවිට අතිශය ජනප්‍රිය වී ඇති බව සඳහන්.

එම ක්‍රම භාවිතයට ගන්නා අය අතුරින් සියයට 60 ක් පමණ වයස අවුරුදු 18 ත් 34 ත් අතර වියෙහි පසුවන තරුණ තරුණියන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේවෙතත් ගෙවීම් ප්‍රමාදවීමත් සමග අධික පොළියක් එකතුවීමෙන් මුදල් ගෙවාගත නොහැකිව භාණ්ඩ ගැණුම්කරුවන් ණයකරුවන් බවට පත්වීමේ ඉහළ අවධානම් තත්වයක් ඇති බවයි නවතම සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ.

සති 02 කට ඩොලර් 522 ක් වැනි තරුණ දීමනාවක් ලබන අයෙකු ඩොලර් 8,000 ක් වැනි ණයක් ගෙවා ගන්නේ කෙසේදැයි එමගින් ප්‍රශ්න කෙරෙනවා.

මේ අතර පසුව මුදල් ගෙවීමේ පදනම මත භාණ්ඩ ලබාගත හැකි අවම වයස අවුරුදු 18 ක් වුවද බාලවයස්කරුවන් විශාල පිරිසක් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර එම සේවා සඳහා ලියාපදිංචිවීම ඉහළ ගොස් ඇති බවටද හෙළිකරගෙන තිබෙනවා.

මෙම සියලු කරුණු සැළකිල්ලට ගෙන පසුව මුදල් ගෙවීමේ පදනම මත භාණ්ඩ ලබාගත හැකි ක්‍රමවේද දැඩි නියාමනයකට ලක් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බවටයි අවධාරණය කෙරෙන්නේ.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »