Search

වික්ටෝරියා හැර සෑම ප්‍රාන්තයකම මත්ද්‍රව්‍ය නඩු අඩුවෙයි

පසුගිය වසරේදී නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය සහ ළග තබාගැනීම සම්බන්ධයෙන් පවරනු ලැබූ නඩු සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළගොස් තිබෙනවා.

2021 වසරේදී එවැනි වැරදි සම්බන්ධයෙන් විත්තිකරුවන් 55,973 දෙනෙකුට එරෙහිව මෙරට අධිකරණ හමුවේ නඩු ගොණුකර තිබුණා.

එහෙත් 2022 වසරේදි එම සංඛ්‍යාව 43,667 දක්වා පහළගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛණවල සටහන් වන්නේ.

පෙර වසරට සාපේක්ෂව නීති විරෝධී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පවරනු ලැබූ නඩුවල වැඩිවීමක් පෙන්නුම් කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ පමණයි.

අනෙකුත් සෑම ප්‍රාන්තයකම 2021 වසරට වඩා 2022 දී මත්ද්‍රව්‍ය වැරදිවල අඩුවක් සටහන්වන බව සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ දත්ත අනුව පෙනී යනවා.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »