මාස 11 ක දරුවෙකුට e-දුම්වැටියක් පෙවූ NSW කාන්තාවක ගැන විමර්ශන

මාස 11 ක දරුවෙකුට ඉලෙක්ට්‍රොනික දුම්වැටියක් භාවිත කිරීමට පෙළඹවු කාන්තාවක සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන දර්ශන පෙළක් උපයෝගී කරගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි දරුවාගේ මවගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් සැකකාර කාන්තාව වන අදාළ බිළිඳාගේ ඥාතිවරිය සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදු නොවනු ඇති බවද සඳහන්.

දරුවාගේ සෞඛ්‍ය තත්වයට බාධාවක් එල්ල වී නොමැති අතර මෙම සිද්ධියේදී මව කටයුතු කල ආකාරය පිළිබඳව විශාල පිරිසක් අප්‍රසාදය පළකර තිබෙනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »