Search

මාස 10 කට පසු රුපියල යළි උඩ යයි

අමෙරිකානු ඩොලරය – ඔස්ට්‍රේලියානු ඩොලරය ඇතුලු විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් නැවතත් ශක්තිමත්වීම ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 351 යි ශත 72 ක් සහ විකුණුම් මිල රුපියල් 362 යි ශත 95 ක් ලෙසින් වාර්තා වී තිබුණා.

මෙය 2022 වසරේ මැයි 04 දිනෙන් පසු අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම ගැනුම් සහ විකුණුම් වටිනාකමයි.

ඊයේ දිනයේදී ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 235 යි ශත 25 ක් ලෙසද විකිණුම් මිළ රුපියල් 246 යි ශත 33 ක් ලෙසද වාර්තා වුණා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙම වසරේ පෙබරවාරි මස 28 වන දින දක්වා කාලය තුළ, ශ්‍රී ලංකා රුපියල – අමෙරිකානු ඩොලරයට – ඔස්ටේ්‍රලියානු ඩොලරයට – ජපාන යෙන් ඒකකයට – ඉන්දීය රුපියලට මෙන්ම යුරෝ සහ ස්ටර්ලිං පවුමටද සාපේක්ෂව ඉහළ යාමක් වාර්තා කර ඇති බවයි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »