Search

වසර 05 කට පසු අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීමට තව දින 29 යි

වසරේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම සිනෙ තරු රැයක් 2023 ප්‍රසංගයට තවත් ඉතිරිව ඇත්තේ දින 29 ක් පමණයි.

මෙවර ප්‍රසංගය මෙල්බන් හිදී පැවැත්වෙන්නේ වසර 05 කට පසුව වීම විශේෂත්වයක්.

දක්ෂ – ජනප්‍රිය – ප්‍රවීණ ලාංකික කලා ශිල්පීන් රැසක් ලබන පළමුවනදා පැවැත්වෙන ප්‍රසංගයට සහභාගීවීමට නියමිතයි.

එදින පස්වරු 06.30 ට BESEN CENTRE හිදී ආරම්භ වන ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර විශාල ප්‍රමාණයක් මේ වනවිටත් අලෙවි වී අවසන්.

මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ Ausලංකා TV සහ Ausලංකා Radio විසිනි.

අමතක නොවන ප්‍රාසාංගික අත්දැකීමක් විඳ ගැනීම සඳහා මෙල්බන් හි වාසය කරන ලාංකික ඔබට තවමත් අවස්ථාව පවතිනවා.

ඒ සඳහා ඔබ කල යුතු වන්නේ https://www.auslankatv.com/archives/jobs/34834 වෙත පිවිස දැන්ම ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීම පමණයි.