2015 න් පසු පළමුවරට Australia Post අලාභ ලබයි

Australia Post සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

2015 වසරෙන් පසු පළමුවරට මෙම මූල්‍ය වර්ෂයේදී ඔවුන් විසින් අලාභයක් පුරෝකථනය කර තිබීම ඊට හේතුවයි.

පාර්සල් ප්‍රවාහනයෙන් Australia Post ලාභ ලැබුවද ලිපි බෙදා හැරීමේදී ඉහළ අලාභයක් වාර්තා කර ඇති බව සඳහන්.

2007-08 කාලසීමාව සැළකීමේදී මේ වනවිට Australia Post විසින් බෙදා හරින ලිපි සංඛ්‍යාව සියයට 66 කින් පමණ පහළගොස් ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

ඩිජිටල් සන්නිවේදනය ඉහළයාම හේතුවෙන් 2032 වසර වනවිට ඔස්ට්‍රේලියානු නිවාස වෙත සතියකට එක් ලිපියක් හෝ නොලැබෙනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

පසුගිය වසරේ මුල් මාස 06 සඳහා Australia Post විසින් ලිපි බෙදා හැරීමේදී ඩොලර් මිලියන 189 ක අලාභයක් වාර්තා කර තිබුණා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »