ඊසාන දිග මෙල්බන් ප්‍රදේශයේ පැතිර යන ලැව් ගින්නක් සම්බන්ධයෙන් අනතුරු ඇගවිමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව වුඩ්ෆීල්ඩ් සහ තවත් තදාසන්න ප්‍රදේශයක පදිංචිකරුවන්ට වහා ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි දන්වා ඇත්තේ.
ගුවන් යානා පවා යොදාගනිමින් මේ වනවිට එම ලැව්ගිනි පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
වික්ටෝරියා ආපදා සහන අංශ සඳහන් කලේ ඉවත් කෙරෙන ජනතාවට අවශ්‍ය සියලු හදිසි උපකාර ලබාදීමට පියවර ගෙන ඇති බවයි.