කොවිඩ් වෛරසය ආසාධනයෙන් පසු ලැබෙන ප්‍රතිශක්තිය ළමුන් තුළ වේගයෙන් අඩු වී යන බව ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.
ඒ අනුව දරුවන්ට කොවිඩ් නැවත ආසාදනය වීමේ අවදානම වැඩි බවයි සිඩ්නි හි පර්යේෂණ ආයතනයක විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇත්තේ.
මේ හේතුවෙන් දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීම අතිශය වැදගත් බවයි මෙම පර්යේෂණය සිදුකල මහාචාර්යවරුන් පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මෙරට දරුවන් මිලියන 2.2 කට වැඩි ප්‍රමාණයකට, කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
වයස අවුරුදු පහ සහ ඊට අඩු දරුවන් මිලියන භාගයක් පමණ ද ඊට අයත්.
කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට මෙරට මිය ගිය දරුවන් ගණන 24 ක්.
වයස අවුරුදු පහේ සිට 15 දක්වා ළමුන්ගෙන් සියයට 51 ක් පමණක් එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම දත්ත පෙන්වා දෙනවා.