Search

ඔස්ට්‍රේලියා උපාධියක් අවසන් කර ඉතිරිවූවන්ගෙන් 40% ක් අඩු කුසලතා රැකියාවල

ඔස්ට්‍රේලියාව තුල උපාධියක් අවසන් කර ඉතිරි වූවන්ගෙන් 40 % ක් පමණ ඔවුන් සුදුසුකම් ලැබූ ප්‍රමාණයට වඩා අඩු කුසලතා සහිත රැකියාවල නිරතවන බව අනාවරණය වී තිබෙනවා.

ඔවුන් මෙරට ශ්‍රම බලකායට ඒකාබද්ධ කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම මීට ප්‍රධානතම හේතුව බවයි ස්වදේශ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් පෙන්වා දෙන්නේ.

තාවකාලික සංක්‍රමණිකයින් වෙනුවට ස්ථිර වීසා ලාභීන්ට මෙරට වැඩි අවස්ථාවක් ලබාදීම ලේබර් පක්ෂයේ අපේක්ෂාව බව ඇය සඳහන් කලා.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදු කර මෙම වසර අගදී නිකුත් කිරීමට නියමිතයි.

මේ ඔස්සේ මෙරට ස්ථිර සංක්‍රමණ ප්‍රමාණයන් සොයා බලන අතර නිපුණතා සහිත දක්ෂ විදේශිකයන් සඳහා මෙරට වඩාත් ආකර්ශනීය කරන ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව තක්සේරු කිරීම් සිදු කරනු ඇති.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »