
වීසා අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව සහ අනාගතය සුරක්ෂිත කෙරෙන වැඩපිළිවෙලක් සකස් කල යුතු බවට ඔස්ට්‍රේලියානු සිවිල් සංවිධාන අවධාරණය කරනවා.
දකුණු ආසියානු සේවායෝජකයන් සම්බන්ධ Employer Sponsor වීසා පිළිබඳ අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
රැකියා වීසා බලපත්‍රය ලබාදීමෙන් පසු අඩු වැටුපට හෝ වැටුප් නොමැතිව සේවය කරන ලෙස සේවායෝජකයන් විසින් සේවකයන්ට තර්ජනය කිරීමේ සිදුවීම් ගණනාවක්ද ඊට අයත්.

මෙවැනි අසාධාරණකම්වලට ලක්වන සංක්‍රමණිකයන්ගෙන් 9/10 ක්ම ඔවුන්ගේ වීසා බලපත්‍රය අහෝසි වේ යැයි යන බියෙන් බළධාරීන්ට තොරතුරු වාර්තා කිරීමෙන් වැළකී සිටින බව සිවිල් සංවිධාන පෙන්වා දෙනවා.
ඉදිරියේදී ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීති සඳහා හඳුන්වාදෙන සංශෝධනවලදී ෆෙඩරල් රජය මේ පිළිබඳ දැඩි අවධානයක් යොමුකල යුතු බවයි ඔවුන් තවදුරටත් අවධාරණය කරන්නේ.
